Monday, November 28, 2011

ජංගම දුරකතන වල බැටරිය නඩත්තුව



බැටරියක් එක් වරක් චාජ් කොට නැවත චාජ් කළ යුත්තේ එය සම්පුර්ණයෙන්ම බැස ගියාට පසුවය. නැතහොත් ස්මරණ ආචරණය (memory effect) ඇතිවේ. ස්මරණ ආචරණය කියන්නේ බැටරියේ ධාරිතාව අඩු කරන ක්‍රියාවලියකි. (ඉතිරිය කියවන්න)

 යම් බැටරියක් සියයට පණහක් බැස ගොස් ඇති වේලාවක එය චාජ් කළේ. නම් දැන් බැටරි‍යේ ඉතිරි සියයට පණහ ඉක්මනින් චාජ් වේ. එහෙත් ඊලග වාරයේ දී බැටරිය සම්පුර්ණයෙන් බැසගිය විට වුවත් චාජ් කරන විට දැන් චාජ් වන්නේ කලින් වතාවේ චාජ් වු සියයට පණහ පමණි. අනෙක් කොටස චාජ් වන්නේ නැත. මෙනිසා බැටරිය සම්පුර්ණ යෙන් බැස යන්නට කලින් චාජ් කිරීම කීප වතාවක් කළ විට බැටරියේ ධාරිතාව හොදටම අඩුවී එහි ආයුෂ ගෙවී යයි. 
           බැටරියක ආයු කාලය සාමාන්‍යෙයෙන් අවුරැදු එක හමාරෙ පටන් අවුරැදු තුනක් දක්වා දිගු වේ.