විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...
ලෝකයේ විවිධ රට වල බාවිත කරන ප්‍රධාන විදුලි මට්ටම් විවිධ අගයන් ගනී. මේ අනුව ජපානයේ 110V ලංකාවේ 220-240V අතර සවුදි අරාබියේ 115-220V අතර වෝල්ට් පරාසයක් ගනී. එනිසා මෙවැනි වෙනත් රටක නිස්පාදිත උපකරනයක් ලංකාවේ 230V වලට සම්බන්ද කිරීමේදි ගැටළු ඇතිවේ.
උදා:- ජපානයේ නිස්පාදිත කැසට් රෙකෝඩරයක් ලංකාවේ 230V ක්‍රියාකැවිමට අවශ්‍ය වු විටක ඒ සදහා අවස්ථා 3ක් බාවිත කල හැකිය.
01 බාහිරින් පැක් එකක් යෙදීම. එය 220V 110V වලට හැරවිය හැකි පැක් එකක් විය යුතුය.
එවා 220V-110V කන්වරේටර් වශයෙන් හදුන්වයි.(සම්පුර්ණ ලිපිය)
02 කැසට් යන්ත්‍රෙය් ඇති ට්‍රාන්ස්ෆෝමරය ගලවා එහි ප්‍රාතමික දගරය 230V වලට ගැලපෙන ලෙස
එතීම.
03 අලුත් ට්‍රාන්ස්ෆෝමරයක් යෙදීම. එලෙස යෙදිමේදී ප්‍රාතමිකයට 230V ලබා දුන් විට ද්විතිකයෙන් අදාල වෝල්ටීයතාවය පිටකරන ට්‍රාන්ස්ෆෝමරයක් විය යුතුයි.
සම්පුර්න ලිපිය බාගන්න.
Comments
Post a Comment