Relay - පිළියවන



          මගින් ක්‍රියාත්මක වන සුවිචයකි එය තුල කුඩා මෘදු යකඩයක් මත ඔතන ලද ආවෘත කම්බි දඟරයක් ද චලනය වන ආමේචරයක් ද සුවිච් ස්පර්ශක දෙකක් ද අඩංගුය ආමේචරය ස්පර්ශක තහඩුවල ඇති දුනු ගතිය මගින් හෝ වෙනයම් ක්‍රමයකින් කිසියම් පිහිටීමක පිහිටුවා ඇත පිලියවනයේ ක්‍රියාව තේරුම් ගැනීමට එය පළමු පරිපථය හා දෙවන පරිපථය ලෙස කොටස් දෙකකට වෙන් කර ඇත ආමේචරය සහිත දඟරය පළමු පරිපතයයි ආමේචරය අඩංගු පළමු පරිපථයට විදුලිය සැපයු විට විද්‍යුත් චුම්බකය සක්‍රිය වෙයි එවිට ආමේචරය චුම්බකය වෙත ඇඳි ගොස් එහි ඇති දෙවන ස්පර්ශකය හා සම්බන්ධ වෙයි එවිට දෙවන පරිපථයට සම්බන්ධ කිසියම් උපකරණයක් ඔස්සේ ධාරා ගමනක් ඇති කල හැකි වේ බොහෝ පිළියවනවල ස්විච ස්පර්ශක තුනක් හෝ කීපයක් ඇත ඒවා මගින් පරිපථ දෙකක් හෝ වැඩි ගණනක් ක්‍රියා කරවිය හැක ස්විච ස්පර්ශක 3ක් ඇති පිළියවනයක දෙවන පරිපථය ක්‍රියාත්මක වන ආකාරය රුපයෙන් දක්වා ඇත
Relay යනු විද්‍යුත්  ස්විචයකි. එහි අභ්‍යන්තරයේ ඇත්තේ දගර මාධ්‍යකි. DC විදුලි ස්පන්ධනයක් ලබා දීමෙන් Ac වෝලටීය තාවයක් on – off කිරීමට Relay වලට පුලුවන එම නිසා ඉලෙක්ට්‍රොනික් පරිපථ වල DC Signal වලට සමානව Ac වෝල්ටීයතාවයක් on – off කර ගැනීමට හැකි උපකරනයක් ලෙස Relay භාවිත කල හැකිය.                                      (ඉතිරිය කියවන්න)

                                                                                   
                                                                         
          Relay එකක අවස්ථා දෙකක් ඇත. NO හා NC (NO – Normally Open / NC - Normally Close)
NO අවස්ථාවේ Relay එක ඇරුනු අවස්ථාවයි. NC අවස්ථාවේ Relay වැසුනු අවස්ථාවයි. Relay එකක ස්විච් වීමේ වේගය අඩුය. එම නිසා වේගවත් on off වීමක් සදහා Relay නොගැලපේ Relay එකේ on off වීමේ වේගය තත්පරයට එක් වරකි.
Relay එකක බදෙහි එහි දගරයට ලබා දියයුතු වෝල්ටීයතාවය සටහන් කර ඇත. එයට වඩා වැඩි වෝල්ටීයතාවයක් දුනු විට දගරය පිලිස්සේ එසේම Relay වල කන්ටැක්ස් වලට ලබා දිය යුතු ධාරාව වැඩි උවහොත් එම පතුරු පිලිස්සී යයි. එම නිසා Relay මිලදී ගැනීමේදි අග්‍ර, ඇම්පියර්, වෝල්ටීයතාවය හා ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුය. මේ අනුව Relay භාවිතා කරන අවස්ථා කිහිපයකි.
DC- AC ස්විච් කරන පරිපථ වලදි
පවර් සප්ලයි වලදී වෝල්ටීයතාවය St.By කර තබාගැනීමට
ස්පීකර් පොටෙක්ෂන් පරිපථ වලදී.